Thursday 22 December 2011

දීප්ති ගේ අතීත සටහන් ...

සිංහල ජාතිවාදී ඝාතකයන් අතින් ඝාතනය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වරක් දීප්ති කුමාර ගුණරත්න මුණ ගැසීමට රත්මලානේ ඔහුගේ සංවිධාන මූලස්ථානයට පැමිණියේය. ලංකාවේ පළමු නාගරික විප්ලවවාදී ව්‍යාපාරයේ නායකයා ලෙස තමන්ව හඳුනවා ගන්නා, වික්ටර් අය්වන් ට ඉංග්‍රීසි බෑ කියා සිනා සෙන, ලන්ඩන් කියා නමක් දාගෙන සඟරාවක් මුද්‍රණය කල දීප්ති සමග, දමිල ජාතිකයකු වන තමාට බිය සක නැතිව ඉංග්‍රීසියෙන් කතා කල හැකිය කියා සිතු රවිරාජ්, සාකච්චාව ඉංග්‍රීසි බසින් ආරම්භ කළේය. ටික වෙලාවකින් දීප්ති "අ............ අ.............." කියා ඇඹරෙන්න ගත්තේ ඔහුට ඉංග්‍රීසියෙන් එක වැකියක් හෝ හරියට ගැට ගසා ගත නොහැකි වූ බැවිනි. අවසානයේදී හිත හදා ගත් රවිරාජ් සිංහලෙන්ම කතාවට බැස්සේය.

No comments:

Post a Comment